අත්‍යාවශ්‍ය නොවන දෑ ගෙන්වීම නවත්වයි


ඖෂධ, ඉන්ධන හැර අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන දෑ ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ ශක්තිමත් දේශීය ආර්ථිකයක් හා කෘෂිකර්මාන්තයක් ස්ථාපිත කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය.



Recommended Articles